Skip to main content

ඩයිලෙමාව......

ට්‍රීං.........
මහා හඩින් නාද වූ එලාම් ඔරලෝසුවේ හඩ අවට පළාතම අවදි කරන්නට ඇත. වේලාව සවස පහයි....
මේසය මත වූ කඩදාසි තොගයද තවත් අඩුම කුඩුම ද සීසී කඩ විසිරී ඇත. ඒ සියල්ල මත අඩසිහියෙන් මෙන් අත ගෙනගිය ඔහු කාමරයේ වූ අඩ ආලෝකයෙන්ම පොතක් අතට
ගත්තේය.

"කවබත යසනුරිගේ කෙටිකථා"

ටයිටලය දුටු ඔහුට සිහින් සිනාවක්  ඇදුනේ ඉබේමය. කාලයක් තිස්සේ තමන්ගේ ව්‍යාකුල සිත සංසිදුවා ගැනීමේ උවමනාවක් ආ සැමවිටම තමන් මේ පොත කියවීමට පුරුදුව සිටියා නොවේදැයි ඔහුට සිහිවිය. යසනුරිගේ ලේකන ශෛලිය, එම තේමාවන්ගේ වූ ශුන්යභාවය මෙන්ම චරිතයන් ගොඩනගා තිබු සංයමය ඔහුගේ සිත සමනය කිරීමේ ගුණයෙන් යුක්ත විය.

කාමරයට එහයෙන් වූ කුස්සියෙන් වතුර උතුරන ශබ්ධය නැගෙයි. මද වෙලාවක් ගෙවී ගිය පසු දුම් දමන තේ කොප්පයකුත් සමග ඇය ඔහු ඉදිරියේ පෙනි සිටියාය.

"ම්ම්... මෙන්න... තාම යන්න ලෑස්ති උනේ නැද්ද?"

"නෑ. මට පොඩි වෙලාවක් දෙන්න"

අගේ හඩ පැහැදිලිය. එහි සියුම් නොරිස්සුම් ස්වභාවයක් ගැබ්ව ඇති බව ඔහුට වැටහිණි. කෙසේ වෙතත් ඒ කෙරෙහි සිත යොමු කිරීමට නිදි ගැට කමින් සිටි ඔහුට සිහියක් තිබුනේ නැත වැඩි යමක් නොවිමසා ඇය කාමරයෙන් පිට වුවාය. ඇද මත වාඩි වූ ඔහු තේ කෝප්පය තොල ගාමින්ම පෙර දින වූ සිද්ධිය ගැන නැවත මෙනෙහි කරන්නට විය. සත්තකින්ම තමාත්ඇයත් අතරේ පෙරදින රාත්‍රියේ වූ රණ්ඩුවට වස්තු භීජය කුමක්ද? තමා මද වෙරිමතින් යුතුව කල්පනා සයුරේ ගිලී සිටියදී ඇය විත් යමක් විමසනවාත්, තමන් එයට නොක්කාඩුවෙන්
මෙන් පිළිතුරු දෙනවාත් ඔහුට මතකය. ඉන්පසු ඇය උරණවී ඔහු හා වාදයක පැටලී අනතුරුව එය උච්චස්ථානයකට පත්වනවාත් ඔහුට මත ඇත. සැබවින්ම එයට හේතුව කුමක් ද?

එයට හේතුව ලෙස ඔහුට මතකයට නගා ගත හැකිව තිබුනේ පෙරදින් තමන් යෙදුනු සාකච්ඡාවක්ය. පෙරදින සවස තමනුත් තවත් මිතුරන් කිහිප දෙනෙකුත් සමග මධුවිත තොලගාමින් සමාජවාදය සහ ධනවාදය සම්බන්දයෙන් දෙපිලකට බෙදී වාද කර අන්දම ඔහුට සිහිවිය. වීදුරුවෙන් එකක් අඩුවෙන් සැන්ඩි කරන ලද විස්කි පුරවා එය උගුරැ දෙකකින් හෝ තුනකින් පමණක් වග කියමින් එක් කතිකයෙකු ධනවාදය මිනිස් ශිෂ්ටාචාරය කෙරෙහි කරන ලද යහපත් බලපෑම හෙවත් පෞද්ගලික දේපල අයිතිය පිළිගනිමින් වෙළදපොල විවෘත කොට
ධනය උපදවීමට දෙන ලද දායකත්වයත්, එමගින් මිනිස් ජීවිත් වඩාත් සමෘද්ධිමත් වූ අන්දමත්, තාක්ෂණික විප්ලවය කෙරෙහි එහි යහපත් බලපෑම ගැනත් අවන්කවම පිළිගත් නමුත්. එමගින් පරිභෝජනවාදය ධෛර්යමත් කිරීම තුලින් ඇතිවූ අයහපත් බලපෑම, විශේෂයෙන් ගෝලීය දේශගුණික, පරිසර විනාශයන් කෙරෙහි ධනවාදයට පිළිතුරු නොමැති වීම සම්බන්දයෙන්ද  විවේචනයක් ඉතිරිපත් කළේය. ඔහු තවදුරටත් පවසා සිටියේ ධනවාදයේ අයහපත් බලපෑම නියාමනය, පාලනය කිරීම සම්බන්දයෙන් සමාජවාදයට වැදගත් කාර්යභාරයක් ඇති බවයි. හොද පරිභෝජන ශක්‍යතාවක් හිමි, ලිබරල් අදහස් වලින් සංයුක්ත වූ  ඔහු එහිදී සිටියේ ධනවාදී කදවුරට පක්ෂ ස්ථාවරයක වුවත් පෙර සදහන් කරන ලද
තැනැත්තාගේ පැහැදිලි කිරීමට තමන්ටද එකග විය නොහැකිදැයි ඔහුට සිතුනේය. නමුත් එයට එකග වූ පමණින් සියල්ල අවසන් වේදැයි ඔහුට නිච්චියක් තිබුනේ නැත. ඔහුට අනුව ධනවාදය ස්වාභාවිකත්වයක් විය. දැන් ඔහු ඉහත ආකාරයට සමාජවාදයේ කාර්යභාරය පිළිගත්තද ඊළග පියවර කුමක් විය හැකිද?
සැබවින්ම තමන්ගේ ජේත්තුකාර දිවියට සාපේක්ෂව නිරායාසයෙන්ම ධනවාදී කදවුර තෝරා ගන්නවාද?
නැතහොත් ධනවාදය සම්බන්දයෙන් වඩාත් විවෘත හා විවේචනාත්මක ස්ථාවරයක් ගන්නවාදැයි ඔහු එදින රාත්‍රිය පුරාම කල්පනා කරමින් සිටියේය. සත්තකින්ම මෙවැනි කාරණයක් සිතාබලන කල්හි අවට ලෝකයේ ඇති සියල්ලන්ගෙන්ම මිදී අදාල කාරණයටම පමණක් නාභිගතවීම ඔහුගේ සුවිශේෂී පුරුද්දක් විය.
ඇය හදිසියේම තමන් ලගට විත් යමක් විමසා සිටියේ මේ වේලාවේදියි.  එය කුමක්ද යන්න ඔහුට ඇසුනේ නැත, ඇය කිහිප විටක්ම පවසා සිටියත්. තමා ඉතා ඕනෑකමින් ඉහත වූ ගැටලුවට පිළිතුරක් සොයමින් සිටියත් ය මෙසේ පැමිණ බාධා කිරීම ඔහුට මහත් කන්කරච්චලයක්ම විය. ඇය විමසන යමක් කෙරෙහි කෝප නොවන ඔහු මෙවේලෙහි කෝපයෙන් මෙන් ඇය හා වාදයක පැටලුනේ තමාට බාධා කිරීම හේතුවෙන්ය. ඇයද ඔහු හා තර්ක කරන්නට විය.

"මං මෙච්චර වතාවක් කියපු එක ඇහුනේ නැත්තේ මොකෝ. කියන දේ අහන ඉන්න බැරුවට මෝඩයෙක් වගේ මට කෑගහනවා."

"තරහා යනවා නෙමෙයි හලෝ. මං.... මං...."

"ඔව් කියනව ඉතින් මොකක්ද කියල"

"තමුසේ ඕන කෙහෙල්මලක් හිතා ගන්නවා!"

තවත් වාද කොට පලක් නැති බව සිත ගත ඔහු නිහඩ විය. ඇත්ත වශයෙන්ම කෝපය ක්‍ෂණිකව ඇතිවී ක්‍ෂණිකව පහ කිරීමට හැකි වීම ඔහුගේ සුවිශේෂ ලක්ෂණයකි. එය එසේ පිහිටා තිබීම කෙතරම් වාසනාවක්ද. ඇය තවත් මොනවදෝ වියරුවෙන් මෙන් දොඩා පහනොවුණු කෝපයෙන් යුතුවම නැවත කාමරයෙන් පිටව ගියාය. නැවත සිහි එලව ගත ඔහුට සිනා පහළ විය. දැන් තමන් මොහොතකට පෙර සිතමින් සිටි මාතෘකාවද ඔහුගේ සිතින් අන්තරස්දාන විය. පියවි සිහියට පැමිණි ඔහුට සමස්ථ සිදුවීමම විකාරයක් මෙන් දැනෙන්නට විය. මෙය කොහෙත්ම ඔවුන් දෙදෙනාගේ දෛනික දිවියට අලුත් අත්දැකීමක් නොවුවාය.

ඔහුට ඇය මුණගැසුනේ වසර 2 ට පමණ පෙර සමාජ ශාලාවක් තුළදීය. එකල රැකියාවේ උසස්වීමක් ලබා හොද මාසික අදායමක් ලැබූ ඔහු සිය වේතනය වැය කරන්නට අලුත් මාර්ග සොයා ගගනිමින් සිටි සමයයි. මෙකී සමාජ ශාලාවද එයින් එකකි. එහි වරක් කොනකට වී මත්පැන් තොලගාමින් සිටි ඇය හා වඩියක් බෙදා ගනිමින් ඔහු මුලින්ම කතාවට වැටුනි.ඇය සැබවින්ම සරාගිනියක වුවාය. ය කෙරෙහි ඔහුගේ සිත බැදීමට එයද හේතුවකි. ඇය සමග මුල් දිනයේදී සාමාන්‍ය කතා බහක් ඇතිවූ අන්දම ඔහුට මතකය. එසේ ආරම්භ වී දින කිහිපයකින්ම ඔහු ඇයගේ මිතුරු සමාගමට එකතු වීමට වරම් ලැබුවේය.. ක්‍රමයෙන් අයගේ ඇතුළාන්තයට එලබෙන්නට ඔහුට හැකි වුයේ ඉන්පසුවය. ඇය අගනුවර ඉහළ මධ්‍යම පාන්තික සමාජ තලයේ උපත ලබා එහිම හැදී වැඩුන තරුණියකි. ඇයගේ ශේත්‍රය වුයේ මෝස්‌තර නිර්මාණයයි. පවුලත් සමග කිට්ටු ආශ්‍රයක් ය වෙත තිබුනේ නැත. ඇය වන්නන්ට පහසුවෙන් "ස්වාධීන" තරුණියන් යැයි කිව හැකිය.

ඇය ඔහුගේ හැම අතින්ම පරමාදර්ශීම ගැහැණිය නොවුවාය. නමුත් තමාට මෙන්ම ඇයටද තිබු ලිබරල් ආකල්ප හදුනා ගත පසු ය හා සැහැල්ලුවෙන් කාලය ගත කරන්නට ඔහුට හැකි විය. ඔහු සැමවිටම ඇය වැනි ප්‍රභල පෞර්ෂයකින් යුතු තරුණියන්ට කැමැත්තෙන් පසුවිය.
ඔහු මෙන්ම ඇයත් ආදරය, මානව සබදතා, විවාහය වැනි සමාජ සංකල්ප කෙරෙහි දැක්වූයේ වඩාත් නිදහස් ආකල්පයකි. එය ඔහුගේ සැනසීමට හේතු විය. ඔහුටද තිබු ඒ ගතිගුණ ඇයටද සැනසීමට හේතු විය. ඔවුන් දෙදෙනාගේ සබදතාවයේ පළමු ඉඩ වෙන්වූයේ සයනයටය. එය හුදෙක්ම ආදර හැගීම් වලින් වියුක්තව තබා ගන්නට ඔහු වෙර දැරුවේය. නමුත් පසු කලෙක  යටපත් කල නොහැකි වූ ප්‍රේමාන්විත හැගීම් උත්සන්න වන විට දෙදෙනාම ප්‍රමාද වැඩි ය. එය පහලවූ කල්හි කල හැකි හොදම දෙය එය එසේ ගල යාමට ඉඩ දීමය. මැඩ පැවැත්වීම නොවේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා මාස දෙකකට පමණ පසු එක්ව ජීවත් වීමට සිත ගත්හ. එය වඩාත් හොද ක්‍රමවේදය බවට ඔවුන් තීරනය් කළහ. ඉතින් ඔවුන් එසේ කොට දැන් වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් ඔවුන්ගේ ජීවිතයන් අතර එකිනෙකාට කිසිදා අතික්‍රමණය කල නොහැකි අඩවියක් ඇති බවට දැන් ඔහුට වැටහී ඇත. එය පෙර දින වූ සිදුවීමට පෙරාතුවම සිදුවූ යම් යම් සිදු වීම්ද හේතු විය. තමාගේ චරිතයෙහි වූ යම් නොගැලපෙන ස්වභාවයන්ට ඇයගේ චරිතයට
පෑහීමට තිබු නොහැකියාව ඔහු කිහිප විටක්ම හදුනාගෙන අවසන්ය. තමා ඇයට ආදරය කල බව ඔහු දනී, ඇයද එසේ වග ඔහු දනී. නමුත් එය ප්‍රමාණවත් නොවේ. සැබවින්ම දැන් ඔවුන්
 දෙදෙනාගේ සබදතාවය පවතින්නේ රාත්‍රී ඇදට පමණක්යැයි ඔහුට සිතේ. නොයෙක් විට දෙදෙනා අතර නොහොද නෝක්කාඩු ඇවිලෙයි. බොහෝවිට ඔහු එම අවස්ථාවන්හි මුවින් කිසිවක්නොබැන මගහැර යති. ඇය වඩාත්ම කෝප ගැන්වුයේ ඔහුගේ මෙම හැසිරීමයි. මීට සතියකට පමණ පෙරද තමන් තමන්ගේ මිත්‍ර සමාගම ඉදිරියේ යට ලැජ්ජා කළා මතකය. එසේ වුයේ ඇය
ඔහු ඇගලා සිටි ඇදුමක් සම්බන්දයෙන් යමක් කියා පා විටකය. එවිට තමන් ඒ සම්බන්දව අදාලත්වයක් නැති දාර්ශනික කරුණු ගෙනහැර පැමිණ අගේ අදහස සැම ඉදිරියේ හාස්‍යයට ලක් කර හැටි ඔහුට මතකය. තවත් අවස්ථාවක ඔහු විසින් ඇය හා ගැනීමට තිබූ රාත්‍රී අහාර වේලක් උවමන්වෙන්ම මගහැරියේය. එයට හේතු වුයේ ය කෙරෙහි ඔහුට තිබු තරහක් නොව, සැබවින්ම
එම ගමන් පිළිබද මුල්ම අදහස දැම්මේ ඔහුය. නමුත් අවාසන් මොහොතේ ඔහුට ඒ කෙරෙහි අපුලක් ඇතිවිය. එය කුමක් දැයි ඔහුට අදටද නොවැටහේ. කෙසේ වුවත් ප්‍රතිපලය වුයේ ඇයගේ කෝපයයි. මෙවැනි සිදුවීම් කිහිප විටක්ම මෙම වසරක කාලය තුල ඇතිවී තිබේ. මෙවැනි සිදුවීම් කියා පාන්නේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්දය නොවේද?

තම සම්බන්දයෙන් වූ චරිත ස්වභාවයන් ද ඔහුට එසේ සිහිවිය. සැබවින්ම ඔහුගේ චරිතය පහසුවේ ග්‍රහණය කොට ගත නොහැකි ගුප්ත හැසිරීම් වලින් යුක්ත වුවක් විය. ඔහු විසින් ආශ්‍රය කල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම එය එලෙස යයි හදුනාගෙන සිටියහ. ඔහු අශුභවාදියෙකු විය. ඉන් අමතරව ඔහු සම දෙයක් ගැනම සක කල ආඥයවදියෙක්විය. ඔහු කිසිවෙකුත් විස්වාස කලේ
නැත. අන්‍යයන් තමන්වෙත් එළබෙන හැම අවස්ථාවකම සැකමුසු ලෙස බැලීමට පුරුදුව සිටයේය. මේ ඔහු තුල තිබු සාමාන්‍ය චරිත ලක්ෂණයන්ය. මෙලෙස ඔහුගේ චරිතය හැඩගැසුණේ ඇයි දැයි ඔහු නොයෙක් විට කල්පනා කළේය. නමුත් එයට නිශ්චිත හේතුවක් හදුනා ගන්නට ඔහුට නුපුළුවන් විය. ඇතැම් විට එය තමන්ගේ සමායානුයෝජනය නිසා හටගත් හේතුවක් විය හැකිය. නැතහොත් උපතින්ම උරුම වූ යම් ලක්ෂණයක් විය හැක. මෙම චරිත ස්වභාවයන් නිසා  ඔහුට සාමානය සමාජය බොහෝ විට දුරස් විය.
මේ සියලු ලක්ෂණ පිටු දැක සැමවිටම සාමාන්‍ය සමාජ හැසිරීමකට පිවිසීමට හෙතෙම නොයෙක් විට උත්සාහ ගත්තේය. එසේ ඔහු බොහෝ විට සමාජශීලි පුද්ගලයෙකු ලෙස පවතින්නට ගත්
උත්සාහයන් එකකින්වත් ඔහු සැහීමකට පත්වුයේ නැත. එම උත්සාහයන් සියල්ල අවසන්වූ වහාම හෙතෙමතමන්ගේ ලෝකයට වී තනිවෙන්නට අසා කළේය. නමුත් හෙතෙම අර සමාජශීලි ලෝකය සම්පුර්ණයෙන්ම පිළිකෙව් කලෙත් නැත. ඔහු එහි වෙසෙන්නට උත්සාහ ගත්තේය,
එහි වෙසෙනා විට නැවත සිය ලෝකයට ප්‍රිය කළේය. මෙලෙස මේ අඩවියන් දෙකම අතර වෙසෙන්නට වීම ඔහුට මහත් උභතෝකෝටියකම විය.  මේ සියල්ලටම යම්තාක් දුරකට හෝ "අපුරු" යැයි දක්නා පුද්ගලයෙකුව සිටයේ ඇය පමණි. නමුත් දැන් ඇයත් එහි අසමත් බව කියා පා ඇත.

රූපවාහිනයේ එවෙලෙහි දල්වා තිබු චැනලයකින් Bon Iver කණ්ඩායමේ ගීතයක් වාදනය වේ. සෙමින් පොත මේසය තැබූ ඔහු අද අදුරේම සිගරැට පෙට්ටිය සොයන්නට විය. කලකට පසු දැන් ඔහු නැවතත් සිගරට්ටුවට ඇබ්බැහිව තිබේ. එය එතරම් හොද ලකුණක් නොවේ. ඔහු හැමවිටම එය පුරුදු නොවේවායි පැතුවේය. කෙසේ හෝ සිගරට්ටුව දල්වා ගත් ඔහුට නැවතත් ඊයේ සිට අද දක්වා සිදුවූ සිදුවීම් අනුලෝමව මෙනෙහි කරන්නට විය.

සැබවින්ම මේ සියලු ගට්ටනයන්ට හේතුව තමන්ම නොවේද? තමන් විසින් බොහෝ කාලයක් තිස්සේ විසදීමට නොහැකිව තිබු සිය චරිත ස්වභාවය මෙයට හේතුව නොවේද? සැබවින්ම එය වෙනස් කර ගත නොහැකිද? තමන් වැනි විකාරරූපී අදහස් වලින් සමන්විත වුවන් අවසානයේ නතර වන්නේ
සමාජයෙන් කොන්වූ අස්ථානයක් නොවේද? තමාට තව කෙතරම් කල් මෙසේ මේ අස්තනයන් දෙක අතර තෝරාගනිමින් ජීවත් විය හැකිද? තමන් හා ය විසින් යම් සම්මුතියකට එලබ තිබේ, ඒ එක්ව ජීවත් වීමටයි. එසේ නම් තමන්ට තමාගේ ලෙසටම ජීවත් විය නොහැකිය. තමනුත් යම් වටිනාකමක් එක කල යුතුව ඇත. තමන් කොපමණ අයුරින් ප්‍රතිචාර දැක්වුවත් ඇයට තමන්
කෙරෙහි ඇති පැහැදීම ගැන ඔහු හොදින් දනී. ඇතැම් විට තමන් නැවත පටන් ගත යුත්තේ එතැනින්ය. ඇයගේ කෝපයට හේතුවක් තිබේ. ඒ තමන්ගේ හැසිරීමය. තමන් ඇය කෙරෙහි වඩාත්

මෙසේ කල්පනා කරමින් සිටි ඔහු එක්වනම  තීරණයක් ගත්තේය. එනම් තමන් පෙර දින වූ සිද්ධිය සම්බන්දයෙන් අයගෙන් සමාව ගත යුතු බවයි. තමා කරමින් සිටියේ කුමක්ද යන්නත් ,
සිය චරිත ස්වභාවය ගැනත් යට නැවත වැටහ දිය යුතුව ඇත. එසේ කොට සියල්ල නැවත යථා තත්වයට ගත යුතුය.
වහා නැගී සිටි ඔහු ඇය සොයා සාලයට පිය නැගුවේය. ඇය දක්නට සිටියේ නැත. රූපවාහිනිය නම් තවමත් දැල්වෙයි. සෝෆාවේ වාඩි වූ ඔහු තමන්ගේ "පව් සමාකරගැනීම" උදෙසා කෙසේ
එලබිය යුතුදැයි සිතැන්නට විය.
ඇය ඔහු දෙසට පියනැගුවේ එම මොහොතේදීයි. ඇය සිටියේ රාත්‍රී නිදන ඇදුමෙන් සැරසිගෙනයි.
ඇය ඔහු ඉගෙන සිටි සොපාවේම වාඩි වුවාය. එසේ වාඩි වූ පසු ටීපෝව මත වූ සිගරට් පෙට්ටියෙන් දුම්වැටියක් ගෙන පත්තු කළාය.
"මම තීරණයක් ගත්තා. මම හිතුව මන් මෙහෙ හිටියා ඇති කියල. We just cant make it anymore" දුම් වළලු වාතලයට මුසු කරමින්ම ඇය මිමිනුවාය.
"අපි දෙන්න එකට හිටපු කාලය ගැන මට දුකක් නෑ. ඒක අපිදෙන්න විතරක් ගත්ත තීරණයක්. හැබැයි ඔයාගේ චරිතය මට සංකීරණ වැඩියි. ඒක මට දරාගන්න බැරි තරම් සංකීර්ණයි. මං
හිතන්නේ ඔය ඒ ගැන තව ටිකක් කාලය අරගෙන කල්පනා කරල බැලුවොත් හොදයි."

"ඒ හින්ද හොදම දේ  මන් මෙහෙන් යන එක. හෙට උදේම මම යනවා. Thank you for everything"

ඇයගේ කතාවේ සියලු දෙයම ඔහු අසාගෙන සිටියේ සුවිශේෂී හැගීමක් විරහිතවය. සත්තකින්ම ඔහුට දැනුනේ යම් දරුණු අවස්ථාවක් අපේක්ෂාවෙන් සිටි කෙනෙකුට අවසානයේ එය
අත්විදින්නට ලැබූ කල ඇතිවන්නා වූ හැගිමටයි. ඔහුට සුවිශේෂිව හිතෙන්නට යමක් නැත. නිහඩවම සිය කුටියට නැවත පිවිසි ඔහු සයනයේ දිගා විය. ඇය ඔහුට එපිටින් අල්මාරියේ වූ
ඇදුම් බෑගයට අඩුක් කරනවා ඔහු දුටුවේය. හිස් බැල්මකින් එදෙස නෙත් යොම සිටි ඔහු මේසය මතින් තැබූ කවබතා ගේ පොත නැවත සියතට ගෙන පෙරලුවේය. එහි වූ තුන්වන
කතාව "යුකු-හිතෝ" හෙවත් මනාලිය නම් කතාව හෙතෙම් මහත් ඕනෑකමින් කියවන්නට විය.....

#dyp

Comments

Popular posts from this blog

සැබෑ ආදරය නේ?....

සැබෑ ආදරය නේ?.... සර්වශුභවාදියා: තියෙනවා මචන් තියෙනවා. අපි විස්වාසයෙන් හෙව්වොත් සැබෑ ආදරය විදින්න පුලුවන්...." සර්වඅශුභවාදියා: "ඔහොම එකක් කොහෙද බං අපිට හම්බෙන්නේ. අතැරලා දාපන්" යථාර්තවාදියා: "ඔය එක එකා මහා ලොකු සීනිබෝල කතා කිව්වට ඕකේ ඇති මහා ලබ්බක් නෑ බං. ඔය මොකෙත් තියෙන්නේ ඇලීමක් තමයි" භෞතිකවාදියා: "කොහමත් ඕක ඉන්ද්‍රියයන්ගෙන් අත්දැකලා මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය හින්දා හට ගන්න උත්තේජනයක්නේ. ඕක මනින්න හරි ඒකකයක් නැති හින්දා සැබෑව කියන්නේ මොන අවස්තාවෙද කියල කියන්න බෑ. අනෙක ඕක හොයාගත්තා කියල ඵලක් තියෙන්වද? නිකන් මොළයේ ක්‍රියාකරිත්වයට ඇතිවෙන අන්වශ්‍ය බලපෑමක් විතරයි" අඥෙයවාදියා(sceptic): "සැබෑ? ඕකෙ සෑබෑ ස්වරූපයක් තියෙන්න පුලුවන්ද? අනෙක ඔය ආදරය කියල එකක් තියෙනවා කියල විස්වාස කරන්න පුලුවන්ද?" රොමාන්තිකවාදියා: "අහෝ මිත්‍රය... වියළී ගිය කතරකට වටෙන්නාවූ සිහිල් දිය බිදක් මෙන් ප්‍රේමය වනාහි මාන්වයාට දැනෙනාවූ කෙතරම් ආනන්දනීය හැගීමක්ද. යමෙක් සැබෑ ප්‍රේමය වටහා ගන්නේ නම් එය කෙතරම් භාග්‍යක්ද" ශූනයවාදියා: සැබෑ ආදරය? එහෙම එකක් නෑ. කොටින්ම ජීවිතය…

අනංගයා හෙවත් Eros ගේ දින පොතෙන් .....

පෙබ 14.. උදේ 10 විතර නැගිට්ටා සැහෙන්න ඔලුව රිදුම් දෙනවා... ඇගටත් අමාරුයි. මොනවා කොරන්න ද. ඊයේ ඕෆ් වෙලා එද්දී හන්දියේදී අරුන් බලෙන්ම වගේ සෙට් උනා නේ. ඕකුන් හම්බවෙයි කියල මට නිකන් හිතුන ඒත් මෙච්චර කෙල වෙයි කියල හිතුනේ නැහැ. දැන් මොනවා කොරන්නද සියුස් බොසාට ටෝක් කරන්න ඕනේ අද අසනීපයි කියල. අනෙක අදවත් පොඩි නිවාඩුවක් දැම්මහම
මොකෑ වෙන්නද? මොකද ඕකුන් බල්ලොන්ගෙන් වගේ වැඩ ගන්නවා විතරයි. සෙද්ද...
වෙරි මරගාතේ නැගිටලා බැලුව දිනේ මොකක්ද කියල. පෙබ 14! අද වැලන්ටයින් නේ. හූ ද ෆක් කෙයාර්ස්! කෙල්ලෙක් නැති අපිට මොන වැලන්ටයින් ද කියල FB එකේ පොස්ට් එකක් දැම්මා.
ඒක අපේ අපේ ගෑනි Psyche දැකල මල මගුලයි! යන්ත්තන් කොහු ඉදල් පාර නොකා බේරුනා. මොන ජීවිතද අප්පා මේ. කන්න මොකුත් නෑ ගෙදර හරියේ. ගෑනිත් බුදි. ශේප් එකේ ඉරුණ ඩෙනිම ඇදන් පාරට බැස්සා. ඔෆිස් කිට් එක ඇරුනහම ඕක ඇන්ද කාලයක් මතක නෑ. මන් එක අතට අරන් බැලුවා. පොඩ්ඩක්
එහෙන් මෙහෙන් වැල් වෙලා. අදට ශේප් කරගන්න පුළුවන්. එක්කෝ ලාභෙට එකක් අද ගන්නවා. ෂර්ට් එකත් වැලේ තිබිලා සෙට් උනා. බාටා දෙක හොයාගන්න නං හෙන ගේමක් දුන්න. අන්තිමට කුස්සිය මැස්ස
යට තිබිල හම්බුනා, එකත් ගෙන පාරට බ…