Skip to main content

අනංගයා හෙවත් Eros ගේ දින පොතෙන් .....

පෙබ 14..
උදේ 10 විතර නැගිට්ටා සැහෙන්න ඔලුව රිදුම් දෙනවා... ඇගටත් අමාරුයි. මොනවා කොරන්න ද. ඊයේ ඕෆ් වෙලා එද්දී හන්දියේදී අරුන් බලෙන්ම වගේ සෙට් උනා නේ. ඕකුන් හම්බවෙයි කියල මට නිකන් හිතුන ඒත් මෙච්චර කෙල වෙයි කියල හිතුනේ නැහැ. දැන් මොනවා කොරන්නද සියුස් බොසාට ටෝක් කරන්න ඕනේ අද අසනීපයි කියල. අනෙක අදවත් පොඩි නිවාඩුවක් දැම්මහම
මොකෑ වෙන්නද? මොකද ඕකුන් බල්ලොන්ගෙන් වගේ වැඩ ගන්නවා විතරයි. සෙද්ද...
වෙරි මරගාතේ නැගිටලා බැලුව දිනේ මොකක්ද කියල. පෙබ 14! අද වැලන්ටයින් නේ. හූ ද ෆක් කෙයාර්ස්! කෙල්ලෙක් නැති අපිට මොන වැලන්ටයින් ද කියල FB එකේ පොස්ට් එකක් දැම්මා.
ඒක අපේ අපේ ගෑනි Psyche දැකල මල මගුලයි! යන්ත්තන් කොහු ඉදල් පාර නොකා බේරුනා. මොන ජීවිතද අප්පා මේ.
කන්න මොකුත් නෑ ගෙදර හරියේ. ගෑනිත් බුදි. ශේප් එකේ ඉරුණ ඩෙනිම ඇදන් පාරට බැස්සා. ඔෆිස් කිට් එක ඇරුනහම ඕක ඇන්ද කාලයක් මතක නෑ. මන් එක අතට අරන් බැලුවා. පොඩ්ඩක්
එහෙන් මෙහෙන් වැල් වෙලා. අදට ශේප් කරගන්න පුළුවන්. එක්කෝ ලාභෙට එකක් අද ගන්නවා. ෂර්ට් එකත් වැලේ තිබිලා සෙට් උනා. බාටා දෙක හොයාගන්න නං හෙන ගේමක් දුන්න. අන්තිමට කුස්සිය මැස්ස
යට තිබිල හම්බුනා, එකත් ගෙන පාරට බැස්සා.
මුළු ටවුන් එක පුරාම කපල්. එක එක ඉරියව් වලින්. ගස් යට, කුඩ යට. රෙස්ටුරන්ට් වල. පාක් ගානේ. හැබැයි මන් මොකෙක්ව වත් අදුරන්නේ නෑ. මේ ලබ්බේ ජෝබම කර කර හිටියා මිසක් මිනිහෙක් ආශ්‍රය කරන්න හම්බඋනාද. කෝකටත් හිටියේ අර ඔෆිස් එකේ Pan, Persephone, Chaos වගේ බේබද්දෝ ටික විතරයි. උන් තමයි කොයිවෙලෙත් "මචං" කියාගෙන හිටියේ. ඔය Zius, Apollo, Poseidon, Hades වගේ එවුන් හිටියේ අපිව කන්න බලාගෙන කොයිවෙලෙත්. ජිවිත කාලෙම වැඩ කොර කොර හිටිය මිසක ආතල් එකක් ගන්න ,කැල්ලක් ටෝක් කරන්නවත් නිදහසක් තිබ්බද. හරි ඉතින් එක පාරක් අර ප්‍රේම කාව්‍යයට අදිපති Erato ට පොඩි ලයින් පාරක් දැම්ම. කොහෙද ඉතින් මේකි අපි වගේ පුස් නාම්බෝන්ව ගණන් ගනී යැ. . ඕකිට මගේ ලයින් පාර අල්ලන්නේ නැතුව ගිහින් Zius ට කිව්වා. ඌ ඇවිල්ල මට නෙළුව නෙලිල්ලක්..... දින පොතේ පරණ පිටු ටිකක් හොයාගත්ත නං හරියටම මතක් වෙයි. ඒ කාලේ මන් පිටු පුරා ලිය ලිය හිටියේ රොෂාන් අයියගේ "ඔය නිසා ලල ලා මගේ ඇසුත් රිදුන කියල". දැන් නං මතක් වෙද්දීත් ලැජ්ජයි. මේවා ඉතින් මේකේ ලියන්නත් බයයි අප්පා. අපේ ගෑනි දැක්කොත්
වසල හමාරයි අම්මපා.
දැන් වැඩක් නෑ ඒවා පරණ කතා....
දවසම ටවුමේ කරක් ගහල ගහල මහන්සියි. අනෙක කොතනත් නිකන් ඔලිම්පස් වලට අසුරයෝ ගහල වගේ පොලොසියෙන් බැහැල ගෙස්ට් හවුස් චෙක් කරනවා. මොන ජීවිතද අප්පා මේ කියල මට ආයේ අනුර කුමාරව මතක් උනා. හැන්දෑ වෙද්දී ගෙදර යන්නද නොයන්නද කියල හිතල හිතල. තීරණය කරා පොඩි අඩියක් ගහන්න. ගියා සුපුරුදු පොට් එකට. ගිහින් භාගයක් ගෙන්න ගත්තා.
ඔහොම ශේප් එකේ ගගහ වටපිට බලද්දී දැක්ක තරුණ ඩයල් එකක්. නස්තාර් වෙන්න බොනවා කෙලින් ඉන්නවත් බෑ. අඩනවා හරකෙක් වගේ. මන් කිට්ටු කරලා ඇහුව මොකද මල්ලි සීන් එක
කියල. "නෑ අයියා පණ වගේ ලව් කරපු කෙල්ල දාල ගියා අයියා. වැඩක් නෑ කතා කරලා. පණ දෙන්න වගේ හිටපු කෙල්ල එක පාර වෙනස් උනා. උන්ගේ කව්දෝ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ පුතෙක් ඔසී ඉදන් අවා ලගදී. ඌ ආව විතරයි මේකි වෙනස් උන අයියා. මාව බල්ලෙක් ගානට දැම්ම. මන් මොනවද නොකළේ. වැද බුදුන් ගෙන් පවා ඉල්ලුවේ එයා අයියා. මන් ලබා උපන් හැටිද මේ අයියා!!"
මූ නවත්තන්නේ නැතුව අඩනවා. පව් කාගේ උනත් දරුවෙක් නේ කියලා මං හිනාව නවත්තගත්තා අමාරුවෙන්. නැත්තන් පොර හිටපු ස්ටේට් එකේ හැටියට මට හිස් බෝතලෙකින් දමල අරිනවා. මන් බැස්ස පාරට තව කාලකුත් කිහිල්ලේ ගහගෙන. ඉතුරු සල්ලි වලින් මයිත්රීගේ මෑණියන්ව සිහි කරන ගමන් ගෝල්ඩ් ලීෆ් දෙකකුත් ගත්තා.
ආව ගෙදර. "ආ තමුසේ දැන්ද ආවේ" කියල සුමියුරු හඩක් කුස්සිය පැත්තෙන් ආව. එල අද නං පුඩිය සෙට් වෙනවා.
"අද නිවාඩු දවසේවත් ගෙදරට වෙලා ඉන්න බැරිද ඕයි? යනවා මෙතැන රස්තියාදු ගහන්න .අදවත් ගෙදර ඉදල තමන්ගේ ගැනිට උදව් කර නං හෙන වදිනවද."
වැඩේ ෆයර් වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ. පිරිමි මායාමක්වත් දාන්න වෙනවා. "අනේ සුදු ඉතින් මම ගිය පොඩ්ඩක්
එලියට. හැම දාම මෙසේ ගෙවන්නා වූ උදාසීන දිවියෙන් ඵලක් තිබේද සොදුරිය. කිනම් දිවියක්ද මේ" මට එක පාර Erato ගේ අක්ක Calliope ව වැහීගෙන ආව.
"මේ ඕයි තමුසෙගෙ කවි වලින් වැඩක් නා මට. මොනවාද ඔය හංගගෙන ඉන්නේ ගන්නවා එලියට"
හුටා කාලට කෙල වෙන්න යන්නේ. "අනේ මැණිකේ ".
"අනේ මැණිකේ නෙවයි ගන්නවා ඕක මෙහාට. මේවත් බීල හෙටත් ඉදපල්ලකෝ ගෙදර." ගෑනී ගස්සාගෙන ඇතුලට ගියා.
සියුස් ගේ හෙනයක් වැදිච්ච එකෙක් වගේ මන් හිමින් හිමින් කාමරේට ගිහින් ඇදට වැටුන. ගත්ත දිනපොත වෙරි මරගාතේම. ලියන්න යද්දීම ඇහෙනවා එහා ගෙදර රේඩියෝ එකෙන් නන්ද අක්කගේ "ප්‍රේමය නං රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි" කියල....
එහා ගෙදර එකාට බනින ගමන්ම මන් පොත වහල දාල නිදා ගත්ත :v

Comments

Popular posts from this blog

ඩයිලෙමාව......

ට්‍රීං.........
මහා හඩින් නාද වූ එලාම් ඔරලෝසුවේ හඩ අවට පළාතම අවදි කරන්නට ඇත. වේලාව සවස පහයි....
මේසය මත වූ කඩදාසි තොගයද තවත් අඩුම කුඩුම ද සීසී කඩ විසිරී ඇත. ඒ සියල්ල මත අඩසිහියෙන් මෙන් අත ගෙනගිය ඔහු කාමරයේ වූ අඩ ආලෝකයෙන්ම පොතක් අතට
ගත්තේය.

"කවබත යසනුරිගේ කෙටිකථා"

ටයිටලය දුටු ඔහුට සිහින් සිනාවක්  ඇදුනේ ඉබේමය. කාලයක් තිස්සේ තමන්ගේ ව්‍යාකුල සිත සංසිදුවා ගැනීමේ උවමනාවක් ආ සැමවිටම තමන් මේ පොත කියවීමට පුරුදුව සිටියා නොවේදැයි ඔහුට සිහිවිය. යසනුරිගේ ලේකන ශෛලිය, එම තේමාවන්ගේ වූ ශුන්යභාවය මෙන්ම චරිතයන් ගොඩනගා තිබු සංයමය ඔහුගේ සිත සමනය කිරීමේ ගුණයෙන් යුක්ත විය.

කාමරයට එහයෙන් වූ කුස්සියෙන් වතුර උතුරන ශබ්ධය නැගෙයි. මද වෙලාවක් ගෙවී ගිය පසු දුම් දමන තේ කොප්පයකුත් සමග ඇය ඔහු ඉදිරියේ පෙනි සිටියාය.

"ම්ම්... මෙන්න... තාම යන්න ලෑස්ති උනේ නැද්ද?"

"නෑ. මට පොඩි වෙලාවක් දෙන්න"

අගේ හඩ පැහැදිලිය. එහි සියුම් නොරිස්සුම් ස්වභාවයක් ගැබ්ව ඇති බව ඔහුට වැටහිණි. කෙසේ වෙතත් ඒ කෙරෙහි සිත යොමු කිරීමට නිදි ගැට කමින් සිටි ඔහුට සිහියක් තිබුනේ නැත වැඩි යමක් නොවිමසා ඇය කාමරයෙන් පිට වුවාය. ඇද මත ව…

සැබෑ ආදරය නේ?....

සැබෑ ආදරය නේ?.... සර්වශුභවාදියා: තියෙනවා මචන් තියෙනවා. අපි විස්වාසයෙන් හෙව්වොත් සැබෑ ආදරය විදින්න පුලුවන්...." සර්වඅශුභවාදියා: "ඔහොම එකක් කොහෙද බං අපිට හම්බෙන්නේ. අතැරලා දාපන්" යථාර්තවාදියා: "ඔය එක එකා මහා ලොකු සීනිබෝල කතා කිව්වට ඕකේ ඇති මහා ලබ්බක් නෑ බං. ඔය මොකෙත් තියෙන්නේ ඇලීමක් තමයි" භෞතිකවාදියා: "කොහමත් ඕක ඉන්ද්‍රියයන්ගෙන් අත්දැකලා මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය හින්දා හට ගන්න උත්තේජනයක්නේ. ඕක මනින්න හරි ඒකකයක් නැති හින්දා සැබෑව කියන්නේ මොන අවස්තාවෙද කියල කියන්න බෑ. අනෙක ඕක හොයාගත්තා කියල ඵලක් තියෙන්වද? නිකන් මොළයේ ක්‍රියාකරිත්වයට ඇතිවෙන අන්වශ්‍ය බලපෑමක් විතරයි" අඥෙයවාදියා(sceptic): "සැබෑ? ඕකෙ සෑබෑ ස්වරූපයක් තියෙන්න පුලුවන්ද? අනෙක ඔය ආදරය කියල එකක් තියෙනවා කියල විස්වාස කරන්න පුලුවන්ද?" රොමාන්තිකවාදියා: "අහෝ මිත්‍රය... වියළී ගිය කතරකට වටෙන්නාවූ සිහිල් දිය බිදක් මෙන් ප්‍රේමය වනාහි මාන්වයාට දැනෙනාවූ කෙතරම් ආනන්දනීය හැගීමක්ද. යමෙක් සැබෑ ප්‍රේමය වටහා ගන්නේ නම් එය කෙතරම් භාග්‍යක්ද" ශූනයවාදියා: සැබෑ ආදරය? එහෙම එකක් නෑ. කොටින්ම ජීවිතය…